ජනතාවට ඊයේ දිනයේත් මාත්‍රා එක් ලක්ෂ 6,998ක්

ජූනි 30, 2021

    කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක රැසක අදත් සාර්ථකව ක්‍රියාත්මකයි. ජනතාවට ඊයේ මාත්‍රා එක් ලක්ෂ 6,998ක් ලබා දී තිබේ.

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව තිස්හය ලක්ෂ 93,103ක්. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 1,744 දෙනෙකුට ලබා දුන්නේය. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාදුන් පිරිසට 61,225 දෙනෙකු ඇතුළත්. සෞඛ්‍ය අංශ පවසන්නේ එහි දෙවැනි මාත්‍රාව ඊයේ 43,999 දෙනෙකුට ලබාදුන් බවයි.
    මේ අතර කොවිඩ් 19 රෝගය වැළඳුනු තවත් පුද්ගලයින් 1,717 දෙනෙකු ඊයේ හඳුනා ගැනිණ.
    වාද්දුව, දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 26 දෙනෙක්ට ද එහි සිටි තවත් පුද්ගලයින් 4 දෙනෙක්ට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ.

    Latest News