මේ දක්වා එන්නත් මාත්‍රා 19,163,620ක් මෙරට ජනතාවට

අගෝ 28, 2021

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා 19,163,620ක් ලබා දී තිබේ.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 10,308 දෙනෙකු ලබා ගෙන ඇති අතර දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 602ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 22,551 දෙනෙකු සහ දෙවැනි මාත්‍රා දෙලක්ෂ 10,810 දෙනෙකු ඊයේ ලබාගෙන ඇත.

    ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති පිරිස 702ක්. එහි දෙවැනි මාත්‍රා 31,758 දෙනෙකු ලබා ගෙන තිබේ.

    මොඩර්නා එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 40,065ක්.

    ඉකුත් දින 7දී මෙරට ජනතාවට ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 1,450,500ක්. එන්නත් මාත්‍රා තුන් ලක්ෂ 16,806ක් ඊයේ ලබා දී තිබේ. 

    Latest News