මෙම පරිත්‍යාගය කටාර් ප්‍රාන්තයේ ශ්‍රී ලංකා තානාපති එම්. මාෆාස් මොහදීන් මැතිතුමාගේ හදිසි ඉල්ලීම පරිදි පරිත්‍යාගශීලීන් විසින් සිදු කරන ලදි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මෙම භාණ්ඩ තොගය ගාස්තු රහිතව ගුවනින් ප්‍රවාහනය කළේය. ඔක්සිජන් සිලින්ඩර තොගය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට භාර දෙන ලද අතර, සෞඛ්‍ය ක්ෂේත්රයේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඒවා රජයේ රෝහල් අතර බෙදා හැරීමට අපේක්ෂා කෙරේ.
කොවිඩ්-19 ව්‍යාප්තිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සිය පූර්ණ සහයෝගය ලබා දෙමින්, මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තවදුරටත් අපේක්ෂා කරයි.