එන්නත් මාත්‍රා 17,936,966ක් මේ දක්වා ජනතාවට

අගෝ 24, 2021

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා එක්කෝටි 79 ලක්ෂ 36,966ක් ලබා දී තිබේ.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 8,089 දෙනෙක්. එහි දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 3,654 දෙනෙක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 24,724 දෙනෙකුට හා එහි දෙවැනි මාත්‍රාව 52,472 දෙනෙකුට ඊයේ ලබා දී තිබේ.

    ස්පුට්නික් වී එන්නතේ දෙවැනි මාත්‍රාව ඊායේ 4,802 දෙදෙනෙකුට ලබාදී තිබේ. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් සංඛ්‍යාව 12ක්. එහි දෙවැනි මාත්‍රාව 426 දෙනෙකුට ලබා දී තිබේ.

    මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 15 දෙනෙක් සහ දෙවැනි මාත්‍රාව 81,237 දෙනෙක් ඊයේ ලබා ගත්තේය. ඉකුත් දින 7 තුළ මෙරට ජනතාවට ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව දස ලක්ෂ 85,107ක්. එන්නත් මාත්‍රා එක් ලක්ෂ 75,431ක් ඊයේ ලබා දී තිබේ.

    Latest News