කොටිකාවත්ත නිවසකින් රු.ලක්ෂ 10ක කේරළ ගංජා තොගයක්

ජූනි 24, 2021

    වැල්ලම්පිටිය, කොටිකාවත්ත නිවසක් තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනාකමින් යුත් ගංජා තොගයක් සහ රුපියල් ලක්ෂ 55කට අධික මුදල් තොගයක් සමග පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    24 හැවිරිදි සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ගංජා තොගයේ සහ මුදල් සොයා ගැනීමට පොලිසිය හැකිවිය.

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්තේ ධනුක නැමැත්තාගේ සමීපතම ගෝලයෙක් වන ඩුබායිහි සැඟව සිටින ජූඩ් බෙට් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම්කරුවා ලෙස මෙම සැකකරු කටයුතු කරන බව විමර්ශන දී හෙළි වූ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතා පැවසුවේ.

    Latest News