පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් තොගයක් සමග ගබඩාවට සීල් තබයි

ජූනි 19, 2021

    ඉරානය‍ෙන් සත්ව අහාර සදහා දිවයිනට ගෙනවිත් මින්සුන්ට අලෙවි කිරීමට සුදානම් කරමින් තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 10,000 ආසන්න ප්‍රමාණයකට සීල් තැබූ බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

    කල්පිටිය පොලිසීයේ විශේෂ කාර්යංශයේ බුද්ධි තොරතරකට අනුව පාලවිය - කල්පිටිය මාර්ගයේ ඒතාලේ ඉන්ධන පිරිවුම්හල අසල ජුබිලි මාවතේ ගබඩාවක සගවා සේවකයින් යොදවා හාල්මැස්සන් තෝරමින් සිටින විට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරින් විසින් මෙම ස්ථානය (19) උදැසන වටලා ඇත.

    කොළඹ ප්‍රදේශයේ පුද්ගලයෙක් මාසකට රු 12,000 බැගින් මාස 6කට ගත් මිලදී ගත් මෙම ගබඩාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරින් විසින් වටලන විටත් විවිධ පරිමාණයෙන් යුත් මලු හා පෙට්ටිවල බහා තිබූ දුර්ගන්ධය හමන මැස්සන් ඉසුරුනු හාල්මැස්සන් කිලෝ 10,000 ආසන්න ප්‍රමාණයක් තිබූ බවයි, මූලික විමර්ශණවලදී අණාවර්ණය වී ඇත්තේ.

    මෙම ස්ථානයේ සේවකයින් යොදා හාල්මැස්සන් තොරමින් සිටි පුද්ගලයාගෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරින් කල ප්‍රශ්න කිරීමේදී කොළඹ ප්‍රදේශයේ අයකු ගබඩාවක් සොයා මෙහි ඇති හාල්මැස්සන් තෝරා දෙන ලෙසත් , කුඩු කොටස් සත්ව අහාර හා පොල් පොහොරවලට වෙන් කරන ලෙස හාල් මැස්සන් තොරා වේලා උරවලට යොදන ලෙසත් තමන්ට දැනුම් දුන් බව පවසා තිබේ.

    එම අයිතිකරු යන පුද්ගලයාගේ ජංගම දුරකථනයට හාල්මැස්සන් තොග විකිණීම පිළිබදව විමසීමේදී , මේ වන විටත් යාපනය හා කොටගල ප්‍රදේශයේ අලෙවි කිරීමට පෙට්ටි 100 - 150 වැඩි ඉල්ලුමක් තියෙන බවත් කල්පිටියේ හොද හාල් මැස්සන් කිලෝ එකක් රුපියල් 160/= ලබා දිය හැකි බවයි මෙහි හිමිකරු යැයි පවසන පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරින්ට සදහන් කර ඇත්තේ.

    මෙම ස්ථානයේ භාරව සිටි පුද්ගලයා අඅඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති අතර ගබඩාවට සීල් තැබු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරින් කටයුතු කර තිබේ. ලබන සදුදා කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පෙනී සිටින ලෙසත් පසුදිනට මෙම පුද්ගලයාට හා මෙහි හිමිකරුවන්ට පුත්තලම අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

    Latest News