බගවන්තලාවෙන් නව අසාදිතයන් 31ක් හදුනාගැනේ

ජූනි 26, 2021

    බගවන්තලාව සෞඛ්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ ඊයේ (25) ලද පී.සි.ආර් පරික්ෂණ වාර්තා අනූව නව අසාදිතයන් 31 දෙනෙකු වතු යායවල් 05 කින් හදුනාගත් බව, බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පවසයි.

    බගවන්තලාව වත්ත 19 , කොටියාගල වත්ත 06 , බොගවාන වත්ත 04 ,ටින්සින් වත්ත 01 , තෙරේසියා වත්ත 01 යන ප්‍රදේශවලින් එමම ආසාදිතයින් හමුවී තිබේ.

    මෙම අසාදිතයන් 31 දෙනාගේ ළගම ආශ්‍රිතයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට සහ අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට පියවර ගන්නා බවයි, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසුවේ.

    බගවන්තලාව ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදිතයන් 746ක් හමුවී තිබේ. වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 18ක්.

    Latest News