බගවන්තලාව පෙර ආශ්‍රිතයෙක්ගේ පවුලේ 6කට කොරෝනා

දෙසැ 01, 2020

    බගවන්තලාව,ලින්ස්ටඩ් වතු යායේ පෙර අසාදිතයෙක්ගේ පවුලේ පස් දෙනෙක්ට සහ අසාදිතයා පිවිසි වෙලදසැලේ හිමිකරු ඇතුළු හය දෙනෙක්ට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වී තිබේ.

    ඒ අනූව, බම්බලපිටිය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට තම නිවසට පැමිණ සිටි 42 හැවිරිදි මෙම අසාදිතයාගේ එකම පවුලේ පියා (75), මව(64), බිරිද(34), දුව(13), පුතා(09) යන අයට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇත.

    අදාළ ව්‍යාපාරිකයාගේ පවුලේ 6 දෙනෙක් තවදුරටත් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

    බගවන්තලාව බස් නැවතුම්පොලේ පිහිටි එම වෙලදසැලද වසා දමා එම වෙලදසැලේ සේවකයින්ද ස්වයං නිරෝධානයට යොමු කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබේ.

    'කොවිඩ් 19' වෛරසය අසාදනය වු අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවයි, බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.

    බගවන්තලාව, ලින්ස්ටඩ් වතු යායෙන් 'කොවිඩ් 19' වෛරසය අසාදිතයින් 6 දෙනෙක් අද (01) හමුවිමත් සමග එම වතු යායේ පහළ කොටස් දෛනික කටයුතු තාවකලිකව නතර කර එම කොටසේ වතු නිවාස සියල්ල විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු කර ඇති බව බොගවාන වතුයායේ වතු අධිකාරි නලින්ද අල්විස් මහතා පවසයි.

    වතු කම්කරුවන් තේ දළු නෙලන අවස්ථාවල සෞඛ්‍ය උපදෙස් පිලිපදින ලෙස වතු කම්කරු ප්‍රජාව දැනුවත් කර තිබේ.

    වතු කම්කරුවන් බුලත්විට ආහාරයට ගැනීම නිසා "කොවිඩ් 19" වෛරසය පැතිර යාමේ දැඩි අවධානමක් පවතින බව වතු අධිකාරිවරුන් පවසයි.

    බගවන්තලාව ප්‍රදේශයෙන් මේ වන විට "කොවිඩ් 19" වෛරසය අසාදනය වු 20 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 01 දෙසැම්බර් 2020 11:02

    Latest News