බගවන්තලාව කිව් වතුයායේ 8 දෙනෙක්ට කොවිඩ්

අප්‍රේ 27, 2021

    බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව කිව් වතුයායේ පහළ කොටසේ එකම පවුලේ 08 දෙනෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වී තිබේ.

    පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එය තහවුරු වී ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ. ගනේෂ් මහතා පැවසීය.

    අසාදිතයන් 08 දෙනාගේ පෙර අසාදිතයා පියා වන අතර, පියා මේ වන විට බගවන්තලාව මොරා වතුයායේ පිහිටි නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුලත් කර ඇත.

    අසාදිතයන් 08 දෙනා සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ කොළඹ ප්‍රදේශයට ගොස් පැමිණ ඇති බවත්, ඒ අනුව සිදු කල පී.සි.ආර් පරික්ෂණ වාර්තා අනූව එම 08 දෙනා හදුනාගත් බවයි, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

    අසාදිතයන් ගොස් ඇති එම වතු යායේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක්, පෙර පාසලක් සහ ආගමික ස්ථානයක් තාවකාලිකව වසා දැමු බවත්, අසාදිතයන් අතර වයස අවු 7 සහ මාස 4 ක දරුවන් දෙදෙනෙක් සිටින බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.

    අසාදිතයන් පදිංචි නිවාස අසළ සහ අසාදිතයන් ගැවසුණු ස්ථාන විෂබිජහරණය කිරීම වතු පාලන අධිකාරිය විසින් අද (27) දින සිදු කෙරිණ.

    Latest News