කොත්මලේ ජලාශයේ වාන් දොරටුවරක් විවෘත කෙරේ

ජූනි 14, 2021

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ (13) රාත්‍රී සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික්කය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා පවසයි.

    ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ජලාශයේ එක් වාන් දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වී තිබේ.

    තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් පදිංචිකරුවන් සැළකිලිමත්ව සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් දන්වා සිටියි.

    Last modified on සදුදා, 14 ජූනි 2021 10:40

    Latest News