රු.මිලියන 71ක කේරළ ගංජා උතුරු මුහුදේදී අත්අඩංගුවට

ජූනි 14, 2021

    පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ එම වැටලීමේදී කේරල ගංජා කිලෝ 237යි ග්‍රෑම් 500ක් සමග සැකකරුවන් තිදෙනෙක් හා ගංජා ප්‍රවාහනය කළ ඩිංගි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගැනිණ. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 71කට ආසන්නයි.

    සැකකරුවන් විසින් කේරළ ගංජා සහිත ගෝනි 06ක් මුහුදට දමා තිබූ අතර නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී ඒවා සොයා ගැනීමට හැකි විය.

    සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 28ත් 29ත් අතර පසුවන පේදුරුතුඩුව සහ අච්චුවේලි ප්‍රදේශවල පදිංචිකරුවන්.

    මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී ජාවාරම් කරුවන් විසින් ඩිංගි යාත්‍රාව වෙත ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සාහකරන්නට ඇතැයි සැක කෙරේ.

    ganja1

    ganja2

    ganja3

    Latest News