පවතින වැසි තත්වය හේතුවෙන් අද (01) උදෑසන සිට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් හතරක් අඩිය බැගින් විවෘත කර තබන බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව පවසයි.

කුකුලේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් බුලත්සිංහල,මෝල්කාව,ලත්පඳුර ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යට වී තිබේ. කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් බුලත්සිංහල පරගොඩ ප්‍රදේශය සම්පූර්ණයෙන් ජලයෙන් යට විය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ (13) රාත්‍රී සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික්කය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා පවසයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙමින් තිබෙන දැඩි වර්ෂාව සමඟ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් විවෘත කර තිබේ.

පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අද (07) අලුයම අඩි තුන බැගින් විවෘත කල බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් විවෘත කිරිමට පියවර ගෙන තිබේ.

උතුරු මැද පළාතට ඇද හැලෙන අධික වර්ෂාපතන හේතුවෙන් නාච්දූව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

Latest News