දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ

සැප් 01, 2022

    පවතින වැසි තත්වය හේතුවෙන් අද (01) උදෑසන සිට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් හතරක් අඩිය බැගින් විවෘත කර තබන බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව පවසයි.

    දොරටු හතර විවෘත කිරීම හේතුවෙන් ජලාශයේ සිට තත්පරයට ඝන අඩි 2800 ක ජල පරිමාවක් දැදුරුඔයට මුදාහැරේ.

    ඊයේ දිනයේදී ජලාශයෙන් තත්පරයට ඝන අඩි 5600 ක් මුදා හැරි අතර අද එය 2800 දක්වා අඩුකර තිබිණ.

    මේ වන විටත් ජලාශය අවට ප්‍රදේශවලට වර්ෂාව ලැබෙමින් පවතී. දැනට ජලාශයේ ජල මට්ටම මීටර් 70.6 ක් පමණ දක්වන අතර පිටාර මට්ටම මීටර් 72 කි.

    දොරටු මෙම ප්‍රමාණයකට විවෘත කිරීම දැදුරුඔයේ පහළ ප්‍රදේශවලට කිසිසේත්ම අවධානම් තත්වයක් ඇතිනොවන බවද ඉන්ජිනේරුවරයා පවසයි.

    Latest News