කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ

ඔක් 02, 2021

    ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ ඇඳ හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ඊයේ (01) රාත්‍රී සිට විවෘතකර තිබේ.

    එම ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සියළුම වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලේ ජලාශයේ ජලය පරිහරණය කිරිමේ දී සැළකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් දන්වා සිටියි. 

    ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබිමත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලි වල ඇද හැලෙන ජල ධාරිතාවද ඉහළ ගොස් ඇත.

    Latest News