නිරෝධායන නීති කැඩූ 1028ක් අත්අඩංගුවට

ජූනි 08, 2021

    නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,028 දෙනෙකු ගතවු පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

    මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ, ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් බවයි. එම සංඛ්‍යාව 158ක්.

    මහනුවරින් පුද්ගලයින් 108ක් හා නිකවැරටිය ප්‍රදේශයෙන් 93දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

    පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 25,886 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

    Last modified on අඟහරුවාදා, 08 ජූනි 2021 11:50

    Latest News