නිරෝධායන නීති කැඩූ 94 දෙනෙකු අත්අඩංගුවට

අගෝ 03, 2021

    නිරෝධායන රීති කඩ කළ පුද්ගලයන් 94 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ, පසුගිය පැය 24 තුල පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ද සමග මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 53,030ක් බවයි.

    බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන ස්ථාන 13කදී ඊයේ දිනය තුළ පුද්ගලයන් 8,849 දෙනෙකු පොලිස් පරීක්ෂාවට ලක්කර ඇත.

    මේ අතර, පුද්ගලයන් 139 දෙනෙකු පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කිරීමට පැමිණි බව හඳුනාගෙන ඇති අතර ඔවුන්ට අවවාද කිරීමෙන් අනතුරුව නැවත හරවා යවා තිබේ.

    Latest News