තවත් කොවිඩ් මරණ 47ක්..ඊයේ මරණ වාර්තාවී නෑ..

ජූනි 08, 2021

    මෙරටින් තවත් කොරෝනා මරණ 47 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින්ගේ මරණ වාර්තා වී නොමැති අතර මැයි 17 සිට ජුනි 06 දක්වා දිනවල අදාළ මරණ වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

    මියගිය පිරිස අතර කාන්තාවන් 21 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු වෙයි.

    ඊයේ දිනයේ වාර්තා වූ මරණ 47ත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1,789 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2,646 දෙනෙකු වාර්තා වී තිබේ.

    ඒ අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ,ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

    Latest News