නිරෝධායන රීති කැඩූ තවත් 277ක් අත්අඩංගුවට

අගෝ 17, 2021

    නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත වු පැය 24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම,මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 54,889 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    එමෙන්ම මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණ නියමිත අවසර නොමැතිවීම හේතුවෙන් ආපසු හරවා යවන ලද වාහන ගණන 330ක් බව පොලිස් මුලස්ථානය පවසයි.එමෙන්ම පුද්ගලයින් 635ක් ද එලෙස අවසර නොමැතිවීමෙන් ආපසු හරවා යවා තිබේ.

    බස්නාහිර පළාත තුළ මාර්ග බාධක 12ක් ස්ථාපිත කර තිබේ.

    Latest News