නිරෝධායන නීති කැඩූ 646ක් අල්ලයි

සැප් 15, 2021

    ගත වූ පැය විසි හතර තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 646ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

    නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම නිසා මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 72,113ක්.

    බස්නාහිර පළාත තුල මාර්ග බාධක සංඛ්‍යාව 13ක් ස්ථාපිත කොට තිබේ. ඊයේ දිනයේ දී බස්නාහිර පළාතෙන් පිටවෙන හා ඇතුළු වෙන පුද්ගලයින් 2,052 දෙනෙකු පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර ඇත. පරීක්ෂා කරන ලද වාහන සංඛ්‍යාව 596ක්.

    වලංගු අවසර පත්‍රයක් නොමැති ව මාර්ග බාධක හරහා පිටවීට උත්සාහ කළ වාහන 198 ක් ද නැවත හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ ඇතුළත් වෙයි.

    Latest News