දිස්ත්‍රික්ක 4කට නාය අනතුරු ඇගවීම් තවදුරටත්

ජූනි 08, 2021

    දිස්ත්‍රික්ක 4ක නිකුත් කෙරුණු නාය අනතුරු රතු නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

    කළුතර,කෑගල්ල,නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහායි,මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.

    මේ අතර ගං වතුරෙන් විපතට පත් පාදුක්ක ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල බලප්‍රදේශය තුළ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා එම ජනතාවගේ නිවෙස් වෙත ගොස් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා වවුචර් පත් බෙදා දීම ඊයේ සිදු කෙරිණ.

    Latest News