සයිනොෆාම් දෙවැනි මාත්‍රාව ලබාදීම අද ඇරඹේ

ජූනි 08, 2021

    තවත් දිස්ත්‍රික්ක 12ක කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණය අද ආරම්භ කෙරේ.

    එමෙන්ම,සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සඳහා එහි දෙවැනි මාත්‍රාව ලබාදීම ද අද ආරම්භ කිරීමට නියමිතයි. අද සිට අනුරාධපුරය,පොළොන්නරුව,බදුල්ල,මොණරාගල,හම්බන්තොට හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරේ.

    මාතලේ,පුත්තලම,කෑගල්ල,මඩකලපුව,අම්පාර හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ද සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම, අද සිට ක්‍රියාත්මකයි.

    මේ අතර, ගර්භනී කාන්තාවන්ට එන්නත් ලබාදීම හෙට පිළියන්දල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි,සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මෙරට එන්නත්කරණය ආරම්භ කෙරුණේ ඉකුත් ජනවාරි මස 29 වැනිදායි.  අනතුරුව මැයි මස 26 වැනිදා බස්නාහිර පළාතෙන් පිටත  එන්නත්කරණය ආරම්භ කෙරිණ.  ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.  මැයි මස 27 වැනි දින ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල එන්නත්කරණය ආරම්භ කෙරුණු අතර මහනුවර,රත්නපුර සහ යාපනය දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණේ මැයි මස 30 වැනි දා සිටයි. 

    Last modified on අඟහරුවාදා, 08 ජූනි 2021 11:23

    Latest News