හෙට සිට වාහනවලට අළුත් ස්ටිකරයක්

ජූනි 06, 2021

    සංචරණ සීමා කාලය තුළ කොළඹ නගරයට ඇතුළු වන වාහන සඳහා ලබාදෙන දිනකට පමණක් සීමා වන ස්ටිකර් ක්‍රමය වෙනුවට හෙට (07) සිට නව ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දෙන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඒ අනූව එය සම්පූර්ණ සංචරණ සීමා කාලය සඳහාම අදාළ වනු ඇති.

    සංචරණ සීමා බලපැවැත්වෙන සියලු කාලයන්ට අදාල මෙම නව ක්‍රමය තුළින් කොළඹ නගරයට ඇතුළු වන වාහන මුහුණදෙන ප්‍රමාද වීමේ ගැටළුවට විසඳුම් ලැබෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    හෙට දිනයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන වාහන එක් ස්ථානයකදී තොරතුරු ලබාදිය යුතු බැවින් යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද දැනුම්දෙයි.

    Last modified on ඉරිදා, 06 ජූනි 2021 13:31

    Latest News