තවත් කොවිඩ් මරණ 40ක්

ජූනි 06, 2021

    කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 40 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (5) තහවුරු කර තිබේ. මෙම මරණ අතරින් එකක් ඊයේ (5) වාර්තා වී ඇති අතර සෙසු ඒවා මැයි 21 සිට ජූනි 4 වැනිදා දක්වා සිදුවූ මරණ වෙයි.

    ඒ අනූව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1696 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    කාන්තාවන් 17 ක් සහ පිරිමි අය 23 දෙනෙක් මිය ගිය අය අතර වෙයි.

    ඉන් එක් නව දෙනකු නිවසේදී මියගොස් ඇති අතර හය දෙනකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට ඇත.

    කොළඹ 10, මග්ගොන, හික්කඩුව, මැණික්හින්න, බලංගොඩ, මඩකලපුව, පොල්ගම්පොළ, දොඩම්ගොඩ, නුවරඑළිය, මස්කෙළිය, හසලක, මාවනැල්ල, එරාවූර්, කුරුණෑගල, ගාල්ල, හාලිඇල, බටපොල, දික්ඔය, දං ගෙදර, ඉමදූව, අටකලම්පන්න, කැලණිය, යක්කල, කින්නියා, බොගවන්තලාව,මහනුවර, ගලගෙදර, කොළඹ 9, මතුගම, බේරුවල, කළුතර සහ නුගේගොඩ යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.

    මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

    Last modified on ඉරිදා, 06 ජූනි 2021 10:31

    Latest News