දිස්ත්‍රික්ක 6කට නාය අනතුරු ඇඟවීම්

මැයි 25, 2021

    මිලිමීටර 100 කට අධික වර්ෂාපතනයක් ඇති වීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කළුතර,ගාල්ල,නුවරඑළිය,කෑගල්ල,මහනුවර හා රත්නපුර යන දිස්ත්‍රික්ක 6 සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

    එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ දින සිට ඇඳහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,වටවල පොලිස් වසමේ වැලිඔය වත්ත පහළ කොටසේ වතු නිවාස පෙළක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස දෙකකට දැඩි අලාභ හානි සිදුව තිබිණ.


    බගවන්තලාව සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුව ඔය පිටාර ගැලීමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී තිබේ.

    Latest News