එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

මැයි 25, 2021

    චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියනයක් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

    සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඒ සඳහා වන කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබීය.

    මෙම එන්නත් තොගය කොටස් කීපයක් යටතේ ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර තොග සියල්ල ලබන නොවැම්බර් 30වැනිදාට පෙර ගෙන්වීමට නියමිතයි.

    Latest News