නිරෝධායන නීති කැඩූ තවත් 745ක් අත්අඩංගුවට

මැයි 25, 2021

    ගෙවුණු පැය 24 තුළදී නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින 745 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය ඔක්තෝම්බර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැඩිම පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෙවුණු පැය 24 තුළදී බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

    මේ දක්වා නිරෝධායන රීතීන් කඩ කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන 13,493 ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.

    Latest News