ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ, ඒ සඳහා නව කමිටුවක් පත් කරන බවයි.

2022 වර්ෂයට නව අය වැයක් ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා.

දුම්රිය ගාස්තු අවම ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා පෞද්ගලික සමාගම් 05කට කිරි ගවයින් 4,200ක් ආනයනය කිරීමටත්, ඔවුන්ට කිරිගව පට්ටි පවත්වාගෙන යෑම සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මුඩු බිම් අක්කර 2,771ක් ලබා දීමටත් ඊයේ (06) රැස් වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් (‘එෆ් 46’ කාණ්ඩය) ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම දිනූ යුද හමුදා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට සහ ‘එෆ් 64’ කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

'කොවිඩ් -19' රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඔක්සිජන් ලීටර 360,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියනයක් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය, ඉන්දියාවේ අදානි සමාගම, ජපන් ආයෝජයෙකු, ජෝන් කීල්ස් සමාගම හා වරාය අධිකාරීය හා එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කොව්ඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා රටේ මුළු ජනගහණයෙන් මිලියන 14කට කොවිඩ් 19 එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.

Latest News