මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින්න එපා (වීඩියෝ)

පෙබ 06, 2019

    කුමන බාධක පැමිණියත්, ඉදිරි මාස 2ක කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හා බරපතල අපරාධ සිදුකරන්නන්ට එරෙහිව, මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    වරදකරුවන් බාරදීමේ පනත යටතේ වන නියමයන්ට අදාළ විවාදයට එක්වෙමින්, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ දී අද(06) මේ බව කියා සිටියේය.

    ''මත්ද්‍රව්‍ය වරදකරුවන් වෙනුවෙන් දැනට තිබෙන වාර්තා පදනම් කරගෙන මරණීය දණ්ඩනය සම්බන්ධව ඉදිරි මාසයක් දෙකක  කාලය තුළ ස්ථීර වශයෙන් ම  ක්‍රියාත්මක කරන්න තීරණයක් ගෙන තිබෙනවා. විනයක් ඇති  රටක් හදන්න, මානව හිමිකම් සංවිධාන මේ බරපතල වැරදි කරන අයට දෙන දඬුවම් සීමා කරන්න, ඒවාට මානව හිමිකම්  ඉස්සරහට දාන්න එපා කියන ඉල්ලීම කරනවා"

    පාර්ලිමේන්තුවේ දී අඳහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද  පැවසී ය...

    මත්ද්‍රව්‍ය ගත් විට කොකේන්, මර්ජුවානා, හෂීස්, සින්තටික් වර්ගයක් වන අයිස් වැනි බරපතල විෂ සහිත මත්ද්‍රව්‍ය රට තුළ පැතිරී තිබෙනවා. මරණීය දණ්ඩනය ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවේ ක්‍රියාත්මක වෙනවා. අමෙරිකාවේ ක්‍රියාත්මක වෙනවා. සිංගප්පූරුවේ ක්‍රියාත්මක වෙනවා. ඇතැම් රටවල විදුලි පුටුව, ඇතැම් රටවල  එන්නත් කිරීම්, මෙවැනි දේ මඟින් මරණීය දණ්ඩනය  ක්‍රියාත්මක වෙනවා.

    මේ තිබෙන ආර්ථික හා සමාජ බලවේගයන්, තුළ ඇති වන  යහපත් පැත්ත වගේම, වඩාත් විහිදී යන අයහපත් පැත්ත  තුළ, සමාජය විනය ගරුක කරන්න නීතිගරුක සමාජයක්  කරන්න, හොඳ රටක් හදන්න, තද නීති රීති ක්‍රියාත්මක වීම  ඉතාමත් අවශ්‍යයි. ලෝකයේ සෑම රටකම එලෙස ක්‍රියාත්මක  වෙනවා.

     අධ්‍යාත්මික වශයෙන් බෞද්ධ, හින්දු, කතෝලික, ක්‍රිස්තියානි ඉස්ලම්, දර්ශනයන් තුළ අධ්‍යාත්මික සමාජයක් ගොඩ නගන්න, අපේ රටේ විශාල කැපවීමක් ඒ සඳහා කරනවා. රාජ්‍ය  ප්‍රතිපත්තිය තුළ ඒ කටයුත්ත කරනවා.

    අධ්‍යාත්මික දර්ශනයන් වගේම නීති රීති ශක්තිමත් කිරීම ඉතාමත් අවශ්‍යයි. ඒ නිසා මම තීරණය කළේ, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි කියන එක. පසුගිය අවුරුදු  එක හමාරක් විතර මම ඉල්ලා සිටියා අදාළ ආයතන වලින්  අධිකරණවලින් වරද කරුවන් වෙලා, බරපතල,නීති විරෝධී  මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූවන්ගේ  ලේඛනයක් මා වෙත එවන්න කියලා. මේ ලේඛන එවීමත් එක  දිගටම ප්‍රමාද වුණා.

    එයට තලතා අතුකෝරළ ඇමැතිතුමිය වගකිව යුතු නෑ. ඒ තුළ  ප්‍රධාන වශයෙන් ම මේ වාර්තා අපට සොයා ගන්න බැරි වුණා,  ඒකත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ තිබෙන ප්‍රබලකම මත ඒ  වාර්තාත් ඇතැම් වෙලාවට සොයාගත නොහැකි තත්ත්වයක්  ඇති වී තිබෙනවා.

    අද බන්ධනාගාරය තමයි, විශේෂයෙන්ම වැලිකඩ  බන්ධනාගාරය, තමයි මේ රටේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වල  මූලස්ථානය. එතැනින් ක්‍රියාත්මක වෙන්නේ. අපි සාකච්ඡා  කරලා,වැඩපිළිවෙලක් හදාගෙන යනවා, ඒ තත්ත්වය වෙනස්  කරන්න. වැලිකඩ බන්ධනාගාරය ගැලපෙන ආකාරයට සකස්  කරන්න බලාපොරොත්ටු වෙනවා.

    මරණීයදණ්ඩනය සම්බන්ධයෙන් ලැබී තිබෙන වාර්තා  ජනවාරි මාසයේ තමයි හරි හැටි වාර්තා ටිකක් ලැබුණේ.  බැලුවම ඒ වාර්තාවලත් ප්‍රශ්න තියෙනවා. මරණීය දණ්ඩනයක්  මම දෙනවා කියලා ප්‍රකාශ කළාට පස්සේ, හිරගෙවල්වල  මරණීය දණ්ඩනය නියමී සිටි එහෙත් අභියාචනා නොකළ  සියලු දෙනා අභියාචනා කළා. ඒ අනුව මේ ගැටළුව ඇති  වුණේ.

    බොහොම පහසු ලෙස නීත්‍යානුකූල වාර්තාවක් ලැබුනේ  පාකිස්ථාන ජාතිකයෙක් ගැන. මම කැමැති වුණේ නෑ,තවත්  රටක පුරවැසියෙක් නිසා. පකිස්ථාන් රජයට අප දන්වා  තිබෙනවා,මේ පුද්ගලය ඒ රටට ගන්න කියලා. ඒ පුද්ගලයා  පකිස්ථානයට යන්න බෑ කියනවා. මේ නීතිය එහෙ බොහොම  ඉක්මනට ක්‍රියාත්මක වෙනවා. දැනට තිබෙන වාර්තා පදනම්  කරගෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඉදිරි  මාසයක් දෙකක් කාලයක් තුළ, එය ස්ථීර වශයෙන් මක්‍රියාත්මක කරන්න තීරණයක් ගෙන තිබෙනවා.කුමන  විරෝධතා ආවත්.

    මානව හිමිකම් සංවිධානවලින් ඉල්ලීමක් කරනවා මේ රටේ,  අපරාධ මත්ද්‍රව්‍ය ,මත් කුඩු ජවාරම්, බරපතල පාතාලය මේවා  මර්දනය කිරීමේ දී ඔවුන් වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන  පෙනී සිටිනවා නම් ඉතාමත් ම වැරදියි.

    කණගාටුවෙන් වුවන් කිව යුතුයි,වූස්සට විශේෂ කාර්ය  බලකාය දලා තියෙන්නේ.අපේ මානව කොමිෂන් සභාව  එස්.ටී.එෆ් ප්‍රධානියාගෙන් අහනවා,මොන හේතුවක් මත  ද,කාගේ හේතුවක් මතද,කුමන කාරණයක් සඳහා ද බූස්සට  අගුණකොල පලසට එස්ටීඑෆ් ඩාන්නේ කියලා.මේ රටේ  කෙරෙන මත්ද්‍රව්‍ය, පාතාලය, මර්දනය කිරීමේ දී රජය  ඒකාබද්ධව අදාළ අමාත්‍යාංශය එක්ව කරන කටයුත්තේ දී  විශාල සහයෝගයක් ඒ ආයතනවල තිබෙනවා.

    මම කණගාටුවෙනවා,මාලිවල රාජකාරිවලට ගිහිල්ලා  සාමසාධක හමුදාවේ ඒ දෙදෙනා ලංකාවට කලින්, ඒ  කණ්ඩායම් මාරු කරන්න දෙන්නෙ නෑ. ඒ කරදරය නොක්ළා  නම් මරණයට පත් වූ මෙජර්වරයා,සොල්දාදුවා මරණයට පත්  වෙන්නේ නෑ. මෙවැනි පසුබිමක් තිබෙනවා.අපි වගේ පුංචි  මිනිස්සුන්ට තමයි මේ නීති රීති ඔක්කොම. ප්‍රබල රටවල  ක්‍රියාත්මක වෙනවා. විනයක් ඇති රටක් හදන්න, මානව  හිමිකම් සංවිධාන මේ බරපතල වැරදි කරන අයට දෙන  දඬුවම් සීමා කරන්න, ඒවාට මානව හිමිකම් ඉස්සරහට දාන්න  එපා කියන ඉල්ලීම කරනවා.

    විනිසුරුවරුන්ට උසස් වීම් දීමේ දී ව්‍යවස්ථාදායක සභාව තමයි  මා එවන නම් අනුමත කරන්නේ.අගවිනිසුවරයා මට එවන  නම්. විනිසුරුවරු 12 ක් ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ශේප  කරතිබෙනවා. හේතුව මට හෝ විනිසුරුවරුන්ට දන්වා නෑ.  මේ නිසා අධිකරණ පද්ධතිය තුළ විනිසුරුවරු අපේක්ෂා  භංගත්වයට පත් වී තිබෙනවා.ඔවුන් කොතෙක් අවංකව  සේවය කළත් ඔවුන්ගේ උසස් වීම්වලට කිසිදු හේතුවක්  කාරණයක් නොදක්වා,උසස්වීම් ප්‍රතික්ෂේප කිරීම,  කණස්සල්ලට පත් වී තිබෙනවා.

    අපේ ස්වාධීන කොමිෂන් සභා ඉතාම හොදයි. එවායේ  සීමාවන් අවශ්‍ය මඟපෙම්වීම් රෙගුලාසි සම්මත කර නෑ. මෙය  අවධානයට යොමු කරනවා විනිසුරන්ට උසස්වීම් දීමේ දී  ඉතාම සාධාරණත්වයෙන් කටයුතු කරන්න. රටම 
    බලාපොරොත්තු  වෙන,අන්තර්ජාතිකවශයෙන්බලාපොරොත්තු වෙන,  අධිකරණයේ ස්වාධීනත්වය හා අපක්ෂපතීත්වය ඉතාම  අත්‍යාවශ්‍යයි.මෙය විසඳාගත යුතු දෙයක්.

    ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොඳින් මෙම පරීක්ෂණ කටයුතු  කරනවා.දින හතරක කලින් මගෙන් ප්‍රකාශයක් ගත්තා. සති  දෙකකින් පමණ රටට දැන ගැනීමට හැකි වෙයි යැයි ද  ජනාධිපතිතුමා පැවසී ය.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 පෙබරවාරි 2019 14:27

    Latest News