මහාපරිමාණ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙණු දෝනි නමැති කාන්තාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි 3යි ලක්ෂ 13ක් හා ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස්දහසක් (1 40,000) ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

මරණ දඩුවම දියයුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව තමන් වෙත ලැබී ඇති බවත්, නුදුරේදීම එය ක්‍රියාත්මක කරන බවත් ජනපති පවසයි.

වත්තල, හේකිත්ත ප්‍රදේශයේ දී හෙරොයින් හා හෂීස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කුමන බාධක පැමිණියත්, ඉදිරි මාස 2ක කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හා බරපතල අපරාධ සිදුකරන්නන්ට එරෙහිව, මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

Latest News