මධූෂ් ගැන නීතිමය ක්‍රියාවලියක් ඩුබායිහිදී ද සිදුකෙරෙනවා- අගමැති (වීඩියෝ)

පෙබ 06, 2019

    අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් පිළිබඳ නීතිමය ක්‍රියාවලියක් ඩුබායිහිදී ද සිදුකෙරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    වරදකරුවන් භාර දීමේ නියමයන්ට අදාළ පනත පිළිබඳව අද(6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. එම විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    විදෙස් රටක පුරවැසියෙකු මෙරට දී වැරදිකරුවෙකු වී ඇත්නම් එම රටට භාරදීමටත් යම් රටක වරදකරුවෙකු වූ ශ්‍රී ලාංකිකයකු මෙරටට ගෙන්වා ගැනීමටත් මෙමඟින් අවශ්‍ය නීති ප්‍රතිපාදන ලබාගැනීම වරදකරුවන් භාර දීමේ පනත යටතේ නියමයෙන් බලාපොරොත්තු වෙයි

    මීට අමතරව ණය සහනදායක ආඥා පනත පිළිබඳවද අද විවාදයට ගැනිණි.

    Last modified on බදාදා, 06 පෙබරවාරි 2019 20:27

    Latest News