සංචරණ සීමා කඩකිරීම් ගැන සෙවීමට විශේෂ මෙහෙයුමක්

මැයි 22, 2021

    පනවා ඇති සංචරණ සීමා උල්ලංඝණය කරන්නේදැයි සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    ඒ සඳහා පොලිස් නිලධාරීන් 22,000 කට අධික පිරිසක් යොදවා ඇති බව ද ඔහු සඳහන් කළේය.

    ඊයේ (21) රාත්‍රි 11.00ට දිවයින පුරා පැනවූ සංචාරණ තහනම මේ වනවිට ක්‍රියාත්මකයි. ලබන 25 වැනිදා අලුයම 4.00 වන තෙක් එම සංචරණ තහනම බලපැවැත්වෙනු ඇති.

    යළිත් 25 වැනිදා රාත්‍රි 11.00 ට දිවයින පුරා පැනවෙන සංචරණ තහනම ලබන 28 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

    Latest News