දිනක වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ; 44ක්...

මැයි 22, 2021

    'කොවිඩ් -19' ආසාදනය වීමෙන් මෙරට පුද්ගලයන් 44 දෙනෙකු මියගොස් ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

    එම සංඛ්‍යාව එක්දිනක් තුළ වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව ද වෙයි.

    මැයි මස 2 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලය තුළ මියගිය පුද්ගලයන් පිළිබඳව කළ පරීක්ෂාවලදී එම තහවුරු කිරීම සිදුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනූව මෙරට දී මියගිය සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,132ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය පුද්ගලයින්ගෙන් 30දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර 14දෙනෙක් කාන්තාවන් වෙයි.

    අවුරුදු 61 - 70ත් අතර වයස් වල පසුවන්නන් 11 දෙනෙකු ද , වයස අවුරුදු 51 - 60ත් අතර 7 දෙනෙකු ද මියගිය පිරිසට අයත් වේ.

    මීට අමතරව වයස 31 - 40ත් අතර දෙදෙනෙකු ද , වයස අවුරුදු 21 - 30ත් අතර එක්අයෙකු ද 'කොවිඩ් -19' වෛරසය වැළඳීමෙන් මියගිය බවට ඊයේ හඳුනාගෙන තිබේ.

    ඔවුන්ගේ මරණවලට හේතුව කොවිඩ් නියුමෝනියාව, හෘද රෝග හා දියවැඩියාව වැනි නිදන්ගත සංකුලතා බව වාර්තා වෙයි.

    Latest News