ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

මැයි 22, 2021

    බස්නාහිර හා සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නිරිත දිග මෝසම් කාලගුණය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

    උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද කාලගුණ අනාවැකියේ දැක්වේ.

    මේ අතර, නැවත දැනුම් දෙනතුරු ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.

    Latest News