පනවා ඇති සංචරණ සීමා උල්ලංඝණය කරන්නේදැයි සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ විශේෂ පොලිස් මෙහෙයුමකදී සැකකරුවන් 1120 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය බස්නාහිර පළාත තුල ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම්වලට සම්බන්ධ බවට සැකපිට 386 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්පැන් පානය කරන ස්ථාන ආශ්‍රිතව අද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව, පොලීසිය පවසයි.

Latest News