ඉන්දියාවේ ව්‍යාප්ත වන කලු දිලිරය ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක්

මැයි 21, 2021

    ඉන්දීය කොරෝනා වෛරස් විශේෂය බ්‍රිතාන්‍යයට දැඩි සෞඛ්‍ය තර්ජනයක් එල්ල කරමින් පවතින බව එරට වෛද්‍ය විශේෂයන් අනතුරු අඟවයි.

    බ්‍රිතාන්‍යයේ සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට ඉන්දීය වෛරස් ව්‍යාප්තිය බරපතල අභියෝගයක් වනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි. මේ අතර, කොරෝනා හා සමගාමීව ඉන්දියාවේ ව්‍යාප්ත වන කලු දිලිරය ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කරයි.

    ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂයට අඩු වුවද, දෛනික මරණ සංඛ්‍යාව තවමත් පවතින්නේ හාර දහසකට ඉහළ මටිටමකයි. එය දැනට ලෝකයේ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව ලෙස වාර්තා ගත වේ. බාහිර ප්‍රාන්තවලට පැතිරෙන කොරෝනා තර්ජනය බරපතල සෞඛ්‍ය ගැටලු රැසක් නිර්මාණය කර තිබේ.

    නැගෙනහිර ඉන්දියාවේ ගෝව නගරයේ ශීඝ්‍ර ආසාදන තත්වයක් වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. මේ වනවිට එහි රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් නවදිල්ලි හා මුම්බායි නගරවල දක්නට ලැබෙන තත්වය නිර්මාණය වී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    Latest News