තලවකැලේ තවත් 120ක් පී.සි.ආර් පරික්ෂාවට

මැයි 08, 2021

    හුදකලා කර ඇති තලවකැලේ තේ පර්යේෂණ ආයතන සහ සෙන් කුම්බ්ස් වතු යායේ ආශ්‍රිතයින් 120 දෙනෙකු පී.සි.ආර් පරික්ෂණයට යොමු කිරිමට පියවර ගෙන තිබේ.

    තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ නිලධාරින්ට සහ සේවකයින්ටත් , සෙන් කුම්බ්ස් වතු යායේ සහ තේ කර්මාන්ත ශාලාවේ නිලධාරින් සහ සේවකයින් 30 දෙනෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වු නිසා එම ප්‍රදේශය හුදකලා කිරිමට පියවර ගත් බවයි, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියේ.

    තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ අසාදිත නිලධාරියෙකුගේ පවුලේ පස් දෙනෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වී ඇති බවත්, තලවකැලේ තේ පර්යේෂණ ආයතනය සහ සෙන් කුම්බ්ස් වතු යායේ සහ තේ කර්මාන්ත ශාලාවේ හදුනාගත් අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.

    තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට, සෙන් කුම්බ්ස් වතු යායට සහ තේ කර්මාන්ත ශාලාවට ඇතුල්වන ස්ථානයේ ලිදුල පොලිසිය විසින් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර, එම ප්‍රදේශයට ඇතුල්වීමට හෝ ඇතුලත සිටින අයෙකුට පිටතට ඒමට අවසර නොලැබෙන බවයි, ලිදුල පොලිසිය කියා සිටියේ.

    Last modified on සෙනසුරාදා, 08 මැයි 2021 12:27

    Latest News