හෙට පෙ.ව 9 සිට පාර්ලිමේන්තුවේ අහඹු පීසීආර් පරීක්ෂණ

පෙබ 08, 2021

    හෙට (09) පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එම අහඹු පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

    පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකරන අහඹු පී.සී.ආර් පරීක්ෂණ පරීක්ෂණ වැඩසටහන සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය සහිතව ඉදිරියේදී පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන කාලසීමාවන්හී දී මෙන්ම නොපැවැත්වෙන කාලසීමාවන්හීදී ද සතියකට වරක් එම පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

    2021 ජනවාරි මස 13 වැනිදා සිට මේ දක්වා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ක්‍රියාත්මක කළ පී.සී.ආර් පරීක්ෂණ වැඩසටහන යටතේ අවසන් වරට 190 දෙනෙකු ජනවාරි 25 වැනිදා පරීක්ෂාවට ලක්කර තිබේ.

    ඔවුන් සියලුදෙනා ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    Latest News