තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ 30 දෙනෙක්ට කොවිඩ්

මැයි 07, 2021

    තලවකැලේ, ලිදුල තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකුට 'කොවිඩ්- 19' වෛරසය අසාදනය වී තිබේ.

    ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා ප්‍රකාශ කළේ, එම තේ පර්යේෂණ ආයතනයේ 40 දෙනෙකු පී.සි.ආර් පරික්ෂණයට භාජනය කල බවයි.

    ඉන් 30 දෙනෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වී ඇති බවට අද (07) දින තහවුරු වු බවයි, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

    එම අසාදිතයන් දැනට ඔහුන්ගේ සේවක නිල නිවාස වලම සිටින බවත්, එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

    Latest News