කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 30ක් හමුවිම නිසා හුදකලා කර ඇති තලවකැලේ සෙන් කුම්බ්ස් වතුයායෙන් සහ තේ පර්යේෂණ ආයතනයේ 'කොවිඩ් 19' වෛරසය අසාදනය වු නව අසාදිතයන් 21 දෙනෙකු ඊයේ (14) සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පවසයි.

හුදකලා කර ඇති තලවකැලේ තේ පර්යේෂණ ආයතන සහ සෙන් කුම්බ්ස් වතු යායේ ආශ්‍රිතයින් 120 දෙනෙකු පී.සි.ආර් පරික්ෂණයට යොමු කිරිමට පියවර ගෙන තිබේ.

තලවකැලේ, ලිදුල තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකුට 'කොවිඩ්- 19' වෛරසය අසාදනය වී තිබේ.

Latest News