මෙරටින් ඊයේ මරණ 19ක්..

මැයි 08, 2021

    මෙරටින් වාර්තා වූ දෛනික වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස මරණ 19ක් ඊයේ (07) වාර්තා විය.

    ඒ අනූව, මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 764 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.

    පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 08 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇත.

    ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අතර වැලිකඩ බන්ධනාගාරය තුළ මිය ගිය 68 හැවිරිදි කාන්තාවක්ද වේ. එම කාන්තාවගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ 'කොවිඩ් 19' නිව්මෝනියාව, දියවැඩියාව, අධිරුධිර පීඩනය නිදන්ගත වකුගඩු රෝගය, හෘදයාබාද තත්ත්වය සහ ක්ෂය රෝගී තත්ත්වයයි.

    මේ අතර ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අතර 45 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    සූනන්දපුර, ඉලවාලෙයි, කෝංගහවෙල, රත්මලාන, දෙහිඅත්තකන්ඩිය, බදුල්ල, වාද්දූව, කොළඹ 03, රද්දොළුගම, පෝද්දල, අලපලාදෙනිය, අඟුලුගහ, නුවරඑළිය සහ අනුරාධපුර යන ප්‍රදේශවලින් ඊයේ වාර්තා වූ සෙසු කොරෝනා මරණ වාර්තා වී ඇත.

    Latest News