ඊයේ මෙරටින් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

මැයි 08, 2021

    අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,914 දෙනෙකු හඳුනා ගෙන ඇති බව 'කොවිඩ් -19' පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 591ක්. සීදුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 95ක්, වත්තල 50ක්, ජා- ඇල 36,කැලණිය 33ක්, මිනුවන්ගොඩ 31ක්, කඩවත 30, නිට්ටඹුව 25ක්, කාටුනායක 23, මීගමුව 20ක් ලෙස වාර්තා වී තිබේ.

    මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 434 දෙනෙකු වාර්තා වී ඇත. මහරගම 30ක්, පිළියන්දල 20, නවගමුව 15, මිරිහාන 12, හංවැල්ල 13, අවිස්සාවේල්ල 22, කොම්පඤ්ඤවිදිය 38, නාරාහේන්පිට 35, බොරැල්ල 31 සහ මරදාන 22ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

    මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොරෝනා ආසාදිතයින් 368 දෙනෙකු ඊයේ හඳුනා ගැනිණ.

    බණ්ඩාරගම 85ක්, පානදුර - දකුණ 33ක්, මිල්ලනිය 39ක්, ඉංගිරිය 30ක්, පානදුර - උතුර 22ක් සහ වාද්දුව 15ක් ලෙස ආසාදිතයින් වාර්තා විය.

    ඊයේ දිනයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 127 දෙනෙකු වාර්තා වී තිබේ. කුලියාපිටිය 23ක්, කුරුණෑගල 21ක්, පන්නල 20ක් සහ දුම්මලසුරිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 14 දෙනෙකු වාර්තාවී ඇත.

    මිට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් 78ක්, ගාල්ල 24ක්, යාපනය 08ක්, කෑගල්ල 32ක්, පුත්තලම 17ක්, අනුරාධපුර 23ක්, මාතර 32ක්, පොළොන්නරුව 05, මාතලේ 35ක්, අම්පාර 19, නුවරඑළිය 13, රතන්පුරයෙන් 53ක් ලෙස ආසාදිතයින් වාර්තා විය.

    'කොවිඩ් -19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධස්ථානය සඳහන් කළේ, වව්නියාව 01, හම්බන්තොට 06, බදුල්ල 03, මොණරාගල 05, මන්නාරම 06, ත්‍රිකුණාමලය 09ක් සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 25ක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි'

    Latest News