තලවකැළේ වතුයායෙන් තවත් ආසාදිතයන් 21ක්....

මැයි 15, 2021

    කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 30ක් හමුවිම නිසා හුදකලා කර ඇති තලවකැලේ සෙන් කුම්බ්ස් වතුයායෙන් සහ තේ පර්යේෂණ ආයතනයේ 'කොවිඩ් 19' වෛරසය අසාදනය වු නව අසාදිතයන් 21 දෙනෙකු ඊයේ (14) සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පවසයි.

    එම ප්‍රදේශයෙන් අසාදිතයන් බහුලව වාර්තා වන නිසා තලවකැලේ තේ පර්යේෂණ ආයතනය තවදුරටත් වසා දමා සෙන් කුම්බ්ස් වතුයාය තවදුරටත් හුදකලා කර තැබිමට පියවර ගන්නා බව, ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

    Last modified on සෙනසුරාදා, 15 මැයි 2021 12:16

    Latest News