කොවිඩ් එන්නත ගැබිණි මාතාවන්ට ලබාදීම සම්බන්ධයෙන් අවධානය

මැයි 07, 2021

    'කොවිඩ් 19' ප්‍රතිශක්තීකරණ එන්නත ගැබිණි මාතාවන් සඳහා ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ඊට අදාළ විද්වතුන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගෙන සමාලෝචනය කිරීමෙන් පසු එන්නත ලබා දීම ගැන තීරණය ගන්නා බවයි.

    'කොවිඩ් - 19' ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව මේ වන විට එක් ලක්ෂ 74,800 දෙනෙක්ට ලබා දී තිබේ.

    ඊයේ එන්නත්කරණය ආරම්භ කළ ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව 669 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

    Latest News