ගුවන්තොටුපල කාර්යමණ්ඩලයට එන්නතේ දෙවන මාත්‍රාව සදුදා සිට

මැයි 07, 2021

    ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය සඳහා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට ලබන සදුදා සිට ආරම්භ කරන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.

    ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය සදහා පළමු එන්නත් කිරීම මෙම වසරේ පෙබරවාරි මාසයේ ක්‍රියාත්මක කළේය.

    ඒ අනූව 10,000කට පමණ පිරිසකට කොව්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම සිදු කෙරිණ.

    දෙවන එන්නත සදුදා සිට ලබාදීම ආරම්භ කිරීමත් සමග එන්නත්කරණය සම්පූර්ණ වෙයි.

    දෙවන මාත්‍රාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල,මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල,රත්මලාන ගුවන්තොටුපල හා ශ්‍රී ලංකන් සමාගම ආදී ආයතනයන්හි කාර්ය මණ්ඩල සදහා ලබා දීමට නියමිතයි.

    Latest News