සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදෙන දිනය SMS පණිවුඩයකින්

ජූනි 06, 2021

    කොළඹ මහනගර සභා සීමාව තුළ සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලබාදීම (SMS) කෙටි පණිවුඩයක් මගින් දැනුම් දීමට සැලසුම් කර තිබෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

    සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ ලබාදීම 8 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනූව පසුගිය මාසේ 8 වැනිදා එන්නත් ලබාගත් අයට මේ මස (8) එන්නත් ලබා දෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    ඒ අනූව අදාළ කෙටි පණිවුඩය ලැබුනු පසු එන්නත් ලබාගන්නා පිරිසට දැනුම්දෙන එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණ අදාළ දිනයේදී එන්නත ලබාගැනීමට හැකි බවද ඔහු පවසයි.

    Latest News