පාසල්,උපකාරක පන්ති හා සරසවි යළි දැනුම්දෙන තුරු වැසේ

මැයි 07, 2021

    දිවයිනේ සියලු පාසල්, පෙර පාසල්, පිරිවෙන්, උපකාරක පංති හා විශ්වවිද්‍යාල තවදුරටත් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    පවතින 'කොවිඩ්-19' වෛරස තත්ත්වය මත එම තීරණය ගත බවයි, ඔහු ප්‍රකාශ කරන්නේ.

    පාසැල්, පෙර පාසැල්, පිරිවෙන්, උපකාරක පංති සහ විශ්ව විද්‍යාල යළි ආරම්භ කිරීමේදී දින 03කට පෙර දැනුම් දෙන බවයි, අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

    Latest News