ගොතටුව ජනතාවට ස්පුට්නික් එන්නත් ලබාදීම අදත්

මැයි 07, 2021

    ස්පුට්නික් එන්නත පළමු වතාවට ඊයේ මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කෙරිණ.

    ඊයේ දිනයේ ස්පුට්නික් එන්නත් 670 ලබා දුන්නත් කිසිම පුද්ගලයෙකුට සංකූලතා ඇති නොවු බවත් ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලින් ෆොන්සේකා මහතා පවසයි.

    අද දවසේ දී මුල්ලේරියාව රාහුල විදුහලේ දී එන්නත් 1200ක් ලබාදීමට කටයුතු ආරම්භ කර තිබේ.

    ගොතටුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් කේන්ද්‍ර කරගනිමින් දින 10ක් තුළ මෙම නව එන්නතේ මාත්‍රා 14,000ක් ජනතාව වෙත ලබා දීමටත් කටයුතු සැලසුම් කර තිබේ.

    මෙම එන්නත ඉතා ආරක්ෂාකාරී එන්නතක් බවත් එය විශේෂ ශීතකරණ ඇති රථයක ඉතා ආරක්ෂිතව රැගෙන විත් ලබාදීම සිදුකරන බවත්, ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලින් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

    Last modified on සිකුරාදා, 07 මැයි 2021 11:38

    Latest News