එබැවින්, 2048 වසරේ දී, දියුණු රටක් පිළිබඳ අරමුණු සාක්ෂාත් කර ගැනීමට නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම, පුහුණු ශ්‍රම බලකායක් රටට අවශ්‍ය බවයි, ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහය වීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවකට ඊයේ එක් වෙමින්, ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. මෙරට මානව සම්පත පෙළ ගැස්වීමත්, අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම, කුසලතා හා හැකියාවන්ගෙන් සමන්විත ශ්‍රම බලකායක් ගොඩ නැගීම සහ ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමත් අරමුණු කර ගනිමින්, ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුතුව දස දෙනෙකුගෙන් සමන්විත "අධ්‍යාපන අමාත්‍ය කමිටුව" පිහිටුවා තිබෙනවා. ඊට සහය වීම සඳහා යි, මෙම විශේෂඥ කමිටුව පත් කර ඇත්තේ. පූර්ව ළමා විය සහ පෙරපාසල් අධ්‍යාපනය, ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු හා තොරතුරු තාක්‍ෂණය යන ක්‍ෂේත්‍ර 5 ක් ඔස්සේ කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව සොය බලා සකස් කරන ලද වාර්තාව, නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරයා වෙත ලබා දීමද , විශේෂඥ කමිටුවට පැවරී තිබෙනවා.
ජනාධිපතිතුමා පළ කළ අදහස්
(අපිට දැන් වසර 13 ක අධ්‍යාපනයක් තිබෙනවා. අපිට මේ වසර 13 ම ළමුන් පාසල් තුළම තියා ගන්න පුළුවන්ද ? ඔවුන් මහ මඟට දානවට වඩා පහත් දෙයක් ඒක. ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් යන දෙකම එකයි. නමුත්, ඒ සියලු පාසල් ලියාපදිංචි විය යුතුයි. රජයේ පාසල් සහ පෞද්ගලික පාසල් සියල්ල ඒක සමාන ප්‍රමිතියකින් පවත්වා ගත යුතුයි, ඊට අපි පරීක්ෂක කාර්යාල ඇති කළ යුතුයි. පරීක්ෂක කාර්යාලවලින් තොරව, පාසල් පද්ධතිය පවත්වාගෙන යා නොහැකියි. සියලු විභාග නිශ්චිත දිනයක පැවැත්විය යුතුයි. පසුව මාස 6 කට වැඩි කාලයක් ළමුන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් බලා නොසිටිය යුතුයි. මේ වන විට පන්ති කාමරයක ළමුන් සංඛ්‍යාව 40 ක්. එය 30 දක්වා අඩු කළ යුතුයි. බ්‍රිතාන්‍යයේ මෙම අගය 25 ක්. ඒ වගේම ඉදිරි වසර 10 තුළ ආසියානු කලාපයේ රටවල අවශ්‍යතා අනුව පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් ඇති වනවා. ඊට මුහුණ දීම සඳහා ස්වයංක්‍රීයකරණයට අප යොමු විය යුතුයි. ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යන ගමනේදී, දියුණු ස්වයංක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලියක් පිළිබඳව අපේ කඩිනම් අවධානය, යොමු වීම ඉතා වැදගත්.)