අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් අරලියගහ මන්දිරයේ සිට Zoom තාක්ෂණය ඔස්සේ 2022.03.08 (හෙට) සිදු කෙරේ.
ජාතික පාසල් පද්ධතියට එක්වන නවතම පාසල් දහය වන්නේ,
බෙලිඅත්ත පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය, බිබිල යශෝධරා බාලිකා විද්‍යාලය, දොම්පේ දේවි බාලිකා විද්‍යාලය, කල්මුණේ මහමුද් කාන්තා විද්‍යාලය, කැකිරාව විද්‍යාර්ථ මහා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලය, පේදුරුතුඩුව මෙතෝදිස්ත උසස් බාලිකා විද්‍යාලය, දංකොටුව බෞද්ධ බාලිකා විදයාලය, වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලය යි.
මේ අනුව ශ්‍රී ලංකාවේ ජාතික පාසල් සංඛ්‍යාව 495 දක්වා වැඩිවේ.