ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

මැයි 07, 2021

    ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 1895 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඉන් ආසාදිතයින් 1851 දෙනෙක් දේශීයව හඳුනා ගත් අය වන අතර,පුද්ගලයින් 44 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වෙයි.

    ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 24 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 326ක් (වැඩිම ආසාදිතයින්) වාර්තා වූ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 309ක් වාර්තා විය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 273ක් වාර්තා විය.

    අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වූයේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්.

    මේ වන විට මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 119, 424 ක් වෙයි. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 17,794 ක්.

    සමස්ත ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස 100,885ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (6) දිනය තුළ සුවය ලබා පුද්ගලයින් 810 දෙනෙක් රෝහල්වලින් පිටව ගියේය.

    ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 47ක් තුළ පුද්ගලයින් 6,705 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

    Latest News